එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අග්‍රාමාත්‍ය සහ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දි අද (07) පෙරවරුවේ දී පැවැත්වුණ අවස්තාවේදී අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදහස් පළ කරමින් මෙසේ පැවැසීය.

“පසුගිය රජය සමයේ සිදු කළ වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඩුබායි බැංකු ගිණුම්වල පවතින මුදල් පිළිබදව සියලු තොරතුරු සොයාගෙන තිබෙනවා. එක් ගිණුමක ඩෙලර් මිලියන 1086 ක් තිබෙනවා. තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද,

හිටපු මන්ත්‍රිවරයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500 ක් තැන්පත් කර තිබෙනවා. රණවිරුවෙකු බව ප්‍රකාශ කළ රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුවෙන් සොරකම් කළ මුදල මීට වඩා වැඩියි. එය සුපිරි ගැහිල්ලක්. එහි මුදල් හොංකොං බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙනවා. මෙම මිග් යානා ගනුදෙනුවට අදාල නිවැරදි ගිවිසුම සහ හොර ගිවිසුම ලැබී තිබෙනවා. මෙම ගණුදෙනුවේ තොරතුරු හෙළි කරපු නිසා තමයි ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍ය වේදීන් ඝාතනය කෙරුනේ. මම පසුගිය මැයි දිනයේ දී ප්‍රකාශ කළා මෙම දුෂිතයින් අධිකරණ හමුවට ගෙනඑන බව. මෙම දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරීක්ෂණ ප්‍රමාදවීම නිසා තමයි බැදුම්කරයක් පිළිබද ඔවුන්ට කථා කරන්න පුලුවන් උනේ.
 රණවිරුවන් මිනීමරුවන් වුයේ කොහොම ද, බැදුම්කර ගණුදෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට ද චෝදනා එල්ල වුනා. නමුත් එම කොමිසන් සභාවෙන් අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මිස්ටර් ක්ලීන් නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ..”