පසුගිය 10 වෙනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉවත් කරන ලද මෙරට
කාන්තාවන්ට පනවා

තිබු මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අලෙවිකරණය සඳහා වූ තහනම සහ මත්පැන් අලෙවිසල් වසන වේලාව 9 වෙනුවට රාත්‍රී 10 කරමින් පසු දින කරන ලද සංශෝධනය අද (14) සිට ජනාධිපති නියමයෙන් අවලංගු කර ඇත.
මෙම අලුත් සංශෝධන සමාජයේ නොයෙක් කතාබහට ලක්වීමෙන් පසු ජනපති කියා සිටියේ තමා ඒ ගැන නොදැනුවත්ව සිටි බවකි.
මෙම තහනම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් ප්‍රකාශ කර සිටියේ අගලවත්ත ප්‍රදේශයේ තිබුණු ජනහමුවකදීය.

 “දැන් මේ දවස් වල අපේ හාමුදුරුවනේ මම දන්නවා ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා. මාත් ඒක දැනගත්තේ මාධ්‍ය තුලින් තමයි.අරක්කු තැබෑරුම් අරින වෙලාවල් වෙනස් කරලා තියෙනවා.කාන්තාවන්ට බාර් වලට ගිහිල්ල අරක්කු බෝතල් මිලට ගන්න නොහැකි කියල නීතියක් තිබ්බයි ඒ නීතිය ඉවත් කල කියල මට දැනගන්න ලැබුන.මම මේ දවස් වල කාර් එකේ රැස්වීම් වලට යනකොට තමයි මම මේක ප්‍රවෘත්ති වලට ඇහුවේ.මම අපේ අගමැති තුමාට ඊයේ කතා කලා.මම කිව්වා මේ දාල තියෙන අලුත් චක්‍රලේඛනය වහාම ඉවත් කල යුතුයි වහාම අවලංගු කල යුතුයි කියල.හෙට සිට ඒ චක්‍රලේඛන අවලංගු කරනවා.”

ඒ සම්බන්ධ ශ්‍රිලනිප මාධ්‍ය නිවේදනය පහතින්