උතුරු කොරියානු සහ දකුණු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම් ඒකාබද්ධ කොට එක්සත් කොරියානු කණ්ඩායමක් ලෙස එළඹෙන සිසිර ඔලිම්පික් උළෙලට තරඟ වැදිය යුතු බව යෝජනාවක් යොමු වී තිබෙනවා.

දකුණු කොරියාව

විසින් මෙම යෝජනාව සිදු කර ඇති බවයි සඳහන් වුණේ.

දකුණු කොරියාවේ පවත්වනු ලබන 2018 සිසිර ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු සහභාගීත්වය තහවුරු කරන ලද්දේ ජනවාරි 9 වනදා පවත්වන ලද සාකච්ඡා අතරතුරයි.

එසේ තහවුරු වීමෙන් පසුව දෙරටෙහි කණ්ඩායම් එක ධජයක් යටතේ තරඟ කළ යුතු බව යෝජනාවක් පළ වුණා. දකුණු කොරියාව විසින් උතුරු කොරියානුවන්ගෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ ද උතුරු කොරියාව ඒ පිළිබඳ නිල වශයෙන් යමක් ප්‍රකාශ කර නැහැ.

දකුණු කොරියාවේ ප්‍යොංග්චෑංග් හි පැවැත්වෙන 2018 සිසිර ඔලිම්පික් උළෙල පෙබරවාරි 9 සිට 25 තෙක් පැවැත්වෙනු ඇති.