දකුණුදිග අප්‍රිකාවේ රාජ්‍යයක් වන බොට්ස්වානාවේ වාසය කරන ලිංග විපර්යාසයට ලක්වූ පුද්ගලයකුට නීතිමය වශයෙන් සිය ලිංගය වෙනස් කරගැනීමට​, එනම් හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල සිය ලිංගිය වෙනස් කොට දැක්වීමට අවසර ලැබී තිබෙනවා.

එරට අධිකරණයක් විසින් ලබාදුන්

මෙම තීන්දුවෙන් පසු එම තැනැත්තාට සිය අලුත් ලිංගිකත්වය නිල ලේඛනවල ඇතුල් කරගත හැකියි.

අප්‍රිකානු රටවල් අතුරින් මෙම අවසරය මෙතෙක් ලැබුණේ දකුණු අප්‍රිකාවේ පුරවැසියනට පමණි.

එපමණක් නොව ඇතැම් අප්‍රිකානු රටවල සමලිංගික සේවනය ද දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දැක්වෙනවා.

අදාළ බොට්ස්වානා ජාතිකයා ද සිය ආරක්ෂාව පිණිස අධිකරණයේදී හෝ මාධ්‍යවලට සිය සැබෑ නම හෙළි කර නැහැ.

කෙසේ නමුත් මෙම අධිකරණ ජයග්‍රහණය සමඟ බොට්ස්වානාවේ පවතින පුද්ගලයන්ගේ ලිංගිකත්වය පිළිබඳ මතයන් කෙමෙන් කෙමෙන් වෙනස් වීමට ඉඩ ඇති බව සමාජ ක්‍රියාකාරීන් විශ්වාස කරනවා.