දකුණු කොරියාවේ ගිණිකොණදිග මිර්යැන්ග් නගරයේ රෝහලක ඇති වූ ගින්නකින් මේවනවිට පුද්ගලයන් 33  ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.



සේජොන්ග් රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් මෙම ගින්න හටගෙන ඇති බව විශ්වාස කරන අතර, මෙම රෝහලේ වැඩිහිටි රෝගීන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබේ.

ගින්න ඇති වන අවස්ථාවේදී රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගීන් 200කට ආසන්න පිරිසක් රැඳී සිට ඇති අතර, ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව බලවත් පරිශ්‍රමයක යෙදෙමින් සිටී.


මේ අතර, තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ගිනි නිවන හමුදා ප්‍රධානියා පවසා තිබේ.