මුදල් ප්‍රශ්නයක් නිසා  කැළණි ගඟට පැන මියගිය
කිරිබත්ගොඩ ව්‍යාපාරිකයා


කිරිබත්ගොඩ ධනවත් ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් ඊයේ (12) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසිය මගින් කැලණි ගගේ තිබී සොයාගත්තා. මෙම මළ සිරුර කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාරේ පදිංචි 44 හැවිරිදි පරණලියනගේ ජයලත් සම්පත් නමැති තිදරණ පියෙකුගේ බව හඳුනාගෙන තිබේ. මෙම ව්‍යාපාරිකයා ඊයේ පෙරවරුවේ සිය දරුවන් පාසලට ඇරලීම සඳහා තමාගේ මෝටර් රථයෙන් නිවසින් පිටත්ව ගොස් දරු තිදෙනා ද පාසල්වලට හැරලවා
ඇති අතර කැලණිමුල්ල

ගංගාතිලක විහාරය ඉදිරිපිට කැලණිගඟ ආසන්නයේ හිමිකරුවකු නොමැති මෝටර් රථයක් නවතා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ගග අසල පාවහන් දෙකක් තිබී ඇති අතර රථය තුළ කිසියම් ලියකියවිලි වගයක් තිබෙනු දැක.  පුද්ගලයකු ගඟට පැන ඇති බවට සැකකර සිද්ධිය පොලිස් නාවික කොට්ඨාසය වෙත දැනුම් දී ඇත. නාවික හාමුදා කිමිඳුම් කරුවන් අදාළ ස්ථානයට පැමිණ කිමිදී ඊයේ පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට අඩි 1520 පමණ දුරින් රැඳී තිබූ මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන ඇත. මියගිය පුද්ගලයාගේ  රථයේ ලියකියවිලි අනුව ඔහු හඳුනාගෙන පොලිසිය සිද්ධිය ඔහුගේ ඥාතීන් වෙත දැනුම් දී තිබුණි. මියගිය අයගේ ඥාතීන් ඊයේ පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මියගිය ව්‍යාපාරිකයාගේ මළ සිරුර හඳුනාගෙන ඇත.

මෙම ව්‍යාපාරිකයා ගඟට පැන දිවි නසාගැනීමට හේතුව ඔහු ලියූ ලියවිල්ලක තිබී ඇත්තේ ණය ගෙවාගන්නට බැරිවීම මත එසේ කළ බවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.