කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වෙමින් තිබූ  දුම්රියක එන්ජිමක් අද (15) දහවල් 12.30 ට පමණ යාපනය චාවකච්චෙරි ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන තිබේ.
කෙනසේ වෙතත් සිද්ධියෙන් මගීන්ට හානියක් සිදු වී නැති බවද වාර්තාවේ.

ගින්නත් සමගම දුම්රිය නවතා ඇති අතර ගින්නට බියට පත් මගීන් සිය ගමන් මලුද රැගෙන බැස තිබේ.

 පසුව දුම්රිය රියදුරු හා සහයකයා විසින් යාපනය ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී ඇත.
 ගින්න හට ගත් අවස්ථාවේදී යාපනය බලා ගමන්ගත් සාමාන්‍ය වැසියන්ට අමතරව විදේශිකයින් රැසක්ද සිට ඇති නමුත් ඔවුන්ටද කිසිදු හානියක් සිදු වී නොමැත.ගිණි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා  තිබේ.
ගින්න ඇතිවීමට හේතුව සෙවීම සඳහා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ