පරණ හොරකමකට
හෂිනිට නඩු දැමීම

මේ වෙලාවේ සිදුවීම ගැන පරීක්ෂණයක්


තංගල්ල මහජන බැංකුවේ උකස් අංශයේ සේවය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 12 කට අධික
රන් භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල විශේෂ විමර්ශන
ඒකකයටනීතිඥවරයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු ‍පොලිස් අත්අඩංගුවට ගෙන
තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙමස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියේ සැඟවුණ පැත්තක් ඇති බවට
මේ වනවිට පොලිස් අවධානය යොමුවී තිබේ.
වංචාව සිදු කළ බවට සැකකරන හෂිනි නිලක්ෂි රත්නායක  ඉකුත් 2014 වසරේ සිට 2016 දක්වා වූ
කාලය තුළදී මෙම වංචාව සිදු කර ඇති බවට සැකකරන අතර මින් කලකට ඉහත සිදු කරගතයුතුවූ බේරුම් කිරීමක් මෙතරම් ප්‍රමාදවී නීතිය

හමුවට පැමිණීම ගැන සැකයක් දැන් පහළවී තිබේ.
ඇය බැංකුවේ උකස් අංශයේ සේවය කරමින් සිටියදී රුපියල් 12,80,000 ක මුදල් වංචාවක් සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇති අතර මුලින්ම මෙම මුදල් වංචාව සම්බන්ධව අදාළ බැංකු ශාඛාවේ කළමනාකරු 2016 වසරේදී ‍පොලිසියට පැමිණිලි කර තිබුණි.
වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ තංගල්ල ‍පොලිසිය මගින් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු නොවීම ගැටලු සහගතය. පසුව මෙම පරීක්ෂණ කටයුතු ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කරන අවස්ථාවේ මෙම අත්අඩංගුවට පත්වීම සිදුව තිබේ.
මෙම රන් භාණ්ඩ හිමි එක් පැමිණිලිකාර කාන්තාවක් විදෙස්ගතව සිටීම නිසා මෙම පරීක්ෂණවල ප්‍රමාදය
සිදු වූවා ද නැතහොත් ‍ඇයට හෝ පොලිසියට කිසියම් අල්ලසක් දී පැමිණිල්ල ප්‍රමාද කරා හෝ සිද්ධිය සමථයට පත්

කරන්නට උත්සාහයක් යෙදුවාද යන්න ගැනද සැකයක් මතුව තිබේ. මේ සිද්ධිය ගැන 2017 මාර්තු මස වික්ටර් පුත් ලෙලුම් යූටියුබ් වීඩියෝවකින් මුල්වරට මාධ්‍ය වෙත හෙළි කරන ලද අතර ඔහු පවසා සිටියේ ‘තාත්තා සල්ලි දීලා ඒවයින් ඇයව බේරගත්තා‘ යනුවෙනි. මෙහිදී පොලිස් නිලධාරීන් සිතාමතාම පරීක්ෂණ ප්‍රමාද කළාද යන්න සම්බන්ධව ද
පරීක්ෂණයක් කෙරෙන බව තංගල්ල කොට්ඨාශය භාර ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතා දන්වා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධ බැංකුවේ සේවයේ නියුතුව සිටි සැකකාර හෂිනිගෙන් මීට පෙරද ප්‍රකාශයක්
ලබාගෙන ඇති බවත් වාර්තා විය.