බල්ලකු සපාකැමට ලක්ව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ පාසල් දැරියන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකු රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ මතගැටුමක් හේතුවෙන් ප්‍රතිකාර නොලබා අසරණව සිටින බව දැනගන්නට ඇත. රෝහල් අධ්‍යක්ෂකවරයාට ද මෙම ගැටලු සමථයට පත් කරන්නට නොහැකිවී ඇති අතර ඔහු පවසන්නේ මේ හේතුවෙන් දරුවන්ට  කරදරයක් සිදු වුවහොත් මෙම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් එහි වගකීම භාරගතයුතු බවයි. ගාල්ල බෙලිගහහන්දියේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ දැරියන්
දෙදෙනකු පසුගියදා (12) උදෑසන කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි. බල්ලන් සපා කෑ තවත් දෙදෙනකු ද කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි අතර හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පවසන්ෂන් ජලභීතිකා එන්නත විඳීම තම රාජකාරිය නොවන  බවයි.

රෝහලේ අභ්‍යන්තර ශල්‍යයාගාරවල සේවය

කරන විශේෂඥ වෛද්‍යවරුන් විසින් එම කාර්යය ඉටුකළ යුතු බවයි. අභ්‍යන්තර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ද එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් මෙම කාර්යය කළ යුතු බවයි. හදිසි ප්‍රතිකාර ඒකකයේ ශල්‍යාගාර පහසුකම් හා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හතර දෙනකු සිටින බවත් ලංකාවේ අනෙක් බොහෝ ප්‍රධාන
රෝහල්වල මෙම කාර්යය කරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් බවත් ඔවුහු පවසති. එසේම මෙවැනි රෝගියෙකුට එන්නත් කිරීමෙන් පසු අවශ්‍ය වුවහොත් ශල්‍යයාගාරයට ඇතුළත් කිරීමට සිදුවන බව ද එවිට අභ්‍යන්තර ශල්‍යයාගාරවල  සැත්කමි ප්‍රමාද කිරීමට සිදුවන බව ද මෙම වෛද්‍යවරු පවසති.

වෛද්‍යවරුන්ගේ මෙම මත ගැටුම හේතුවෙන් රෝගීන් සිවුදෙනාට ප්‍රතිකාර ලබාදීමට අපහසුවී ඇති බව රෝහල් පරිපාලන අධිකාරිය පවසයි. දැරියන් සපා කෑ බිල්ලා මියගොස් ඇති බැවින් වෛද්‍යවරුන් පවසන්නේ හැකි ඉක්මනින් මෙම එන්නත දිය යුතු බවයි. කෙසේ වුවද 12 රාත්‍රී වනතුරුත් මෙම ගැටලුව විසඳී නොතිබිණි. මේ සමිබ්න්ධව අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයමිපති සේනානායක මහතා මෙසේ පැවසීය. "රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ මත ගැටුමක් නිසයි. මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ, අවසානයේ මම මේ සමිබ්න්ධව සෞඛ්‍ය අමාත්‍යනාංශයටත් පැමිණිලි කළා. මේ වෛද්‍යවරුන් කඹ අදිනවා. මට අයිති නැ කියනවා. නුවර, කොළඹ ඇතුළු වෙනත් ප්‍රධාන රෝහල්වල ජලභීතිකා එන්නත විදීමේ කාර්යය සිදු කරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් විසින්. ඒත් අපේ රෝහලේ වෛද්‍යවරුන් එය ප්‍රතික්ෂේප කරනවා. දරුවන්ට් ෙමානවාහරි ගැටලුවක් වුෙණහොත් ෙමි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් එහි වගකීම බාරගත යුතුයි‘