ඌව පළාත් මහ ඇමති  
ඇප මත නිදහස්


 update 2.30 pm
නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට අද උදෑසන භාරවූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පැය කිහිපයකින් අද දහවල් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර ඔහුට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිදු නොවී ඇප මත නිදහස ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධ විභාගය ඉදිරියට පැවැත්වෙනු ඇත.

update 12.30 pm
ඌව පළාත් මහ ඇමති  පොලිස් අත්අඩංගුවට

විදුහල්පති ධූරය දරන ගුරුවරියක දණගස්වා අපහසුතාවයට පත් කළ සිදුවීමට අදාළව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක  අත්අඩංගුවට පත් කිරීමට අවශ්‍ය බව
පොලිසිය දැනුම් දීමෙන් පසු ඔහු නීතීඥයෙකු සමග පැමිණ අද උදෑසන පොලීසියට භාරවී තිබෙනවා.
චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස් ස්ථානයට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ
විදුහල්පතිනිය දණ ගැස්වූ බවට

වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මුලින් පළාත් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණ අතර පසුව  විදුහල්පතිනියට කළ හිංසනය සම්බන්ධයෙන් විවිධ සංවිධාන, ගුරුවරුන් දෙමාපියන් උද්‍ඝෝෂණ කළේ මහඇමති තනතුරින්ද ඔහු පන්නා දමන ලෙස බලකරමිනි.
ඔහු අද අත්අඩංගුවට පත්වන්නේ මේ අතරේය.අත්අඩංගුවට පත්වූ මහඇමතිවරයා  අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
සිදුවීම වෙනුවෙන් උද්ඝෝෂකයින් ඉල්ලා තිබුනේ මහඇමති ධූරයෙන් ඔහුට ඉවත්වීම වුවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමක් සිදුව තිබේ.
සම්පූර්ණ සිද්ධියට අදාළ වීඩියෝ වාර්තාවක් පහතින්