වැලිමඩ පුහුල්පොල  කැටකැලේ, පාළු ප්‍රදේශයක අත්හහැර දමන ලද ළිඳක තිබී 69 හැවිරිදි කාන්තාවකගේ  දේහයක් 26 දා හමු වී ඇති අතර එය සැකකටයුතු මරණයක් බව වැලිමඩ පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පී.එම්. කුසුමාවතී නැමැති වැන්දඹු කාන්තාවක් බවද
පොලිසිය සඳහන් කරයි.
විශ්‍රාම වැටුප් ලබාගැනීමට පසුගිය 8 වැනිදා පුහුල්පොල තැපැල් කාර්යාලයට ගිය බවත් එදින පෙ.ව. 10.30ට පමණ වෙළඳසලකින් බඩු මිලදී ගෙන නිවෙස දෙසට ගමන් කරමින් තිබු බවටත් සාක්කි විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි. ඇගේ අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව ඉකුත් 9 දා ඇගේ සහය දරයෙක් විසින් වැලිමඩ පොලිසියට පැමිණිලි කළේය.
කෙසේ නමුත් පෙරේදා (25) දා වනතෙම කිසිම තොරතුරක් නොවූ බවත් විල් කැපිමට ගිය පුද්ගලයකුට දුර්ගන්ධයක් දැනී

සොයාබලද්දී ඇගේ මෘතදේහය ළිපඳී තිබෙනු දැක පොලිසියට දැනුම් දුන් බවත් පොලිසිය සඳහන් කරයි.
මේ පිළිබඳව වැලිමඩ පොලිසිය කරුණු වාරිතා කිරීමින් පසු වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන සිදුකළාය. මම තහය. බදුල්ල මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීවරයා ලවා පශ්චාත් මරණ පරික්ෂණයකට ලක්කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසත් මහේස්ත්‍රාත්විරිය වැලිමඩ පොලිසියට නියෝග කළාය.ඒ අනුව මෘත දේහය පෙරේදා (25) බදුල්ල මහ රෝහලට යැවූ බවද වැලිමඩ පොලිසිය සඳහන් කළේය.
ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමයාන්ත, බණ්ඩාරවෙල කොටිඨාසය භාර පොලිස්
අධිකාරි සුදත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරි එච්.එමි. ගුණවර්ධන යන මහරුගේ උපදෙස් මත වැලිණ්ඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික එචි.එම්.ඩබිලිවි. හේරත් මහතාගේ මෙහෙයවිම යටතේ වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ල . පාලිත ආරියවංශ