පරිමාණයෙන් විශාලතම ගුවන් යානා කාන්ඩයක් වන තට්ටු දෙකක් සහිත A380 මාදිලියේ ගුවන් යානා නිෂ්පාදනය අත්හිටුවීමට සිදුව ඇතැයි යුරෝපයේ එයාර්බස් සමාගම පවසයි.
ආසන්න වසර 2 ඇතුළතදී නව එයාර්බස් A380 යානා නිෂ්පාදන සඳහා කිසිදු ඇණවුමක් නොලැබීම ඊට හේතුවයි.
ආසන 853ක් සහිත A380 යානය,

ඇමෙරිකාවේ බොයිං සමාගම් ඉදිරිපත් කළ ඩ්‍රිම්ලයිනර් යානයට තරගයක් ලෙස ඉදිර්පත් කරවූවක් විය. විශේෂයෙන්ම වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී ගුවන් යානයක් ලෙස හැඳින්වුණු ඩීම්ලයිනර් යානා මාදිලිය අඩු වියදමකින් මැදිදුර මෙන්ම දිගු දුර ගුවන් ගමන් සඳහාද යොදා ගැනීමේ හැකියාව පවතින්නකි. නමුත් A380 යානයකින් උපරිම ලාභයක් ලැබීමට නම් එහි ආසන සියල්ලම් සමිපූර්ණ වීම අත්‍යවශ්‍ය කාරණායක් බවට පත්ව තිබේ.එම හැකියාව අඩු ගුවන් සේවා මේවා ඉල්ලුම උනන්දු නොවේ.
දැනට සමාගම් කිහිපයක් පමණක්  A380 යානා සිය ගුවන් ගමන් සඳහා යොදා ගනියි. එහිදී මැදපෙරදිග කලාපය ප්‍රධානවේ.
 A380 යානා ඉල්ලන්නට වැඩි වශයෙන් උනන්දුවූ එමීරේට්ස් ගුවන් සේවයද යානා මිලදීගැනීමකට මුලින් යොමුවුවද, පසුව එය ඩ්‍රිම්ලයිනර් මාදිලියේ යානා 40ක් මිලදීගැනීමක් වෙත වෙනස් කළ අතර මේ නිසාම මෙහි ඉල්ලුම පිළිබඳ අර්බුද මතු විය.
 A380 යානයක වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 446කි.