යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11ක පාසල් ශිෂ්‍යයකු ඔහුගේ ගෙවත්තේ තිබූ
අනාරක්ෂිත ළිඳකට

ඇද වැටී ඊයේ (7දා) උදෑසන මියගොස් තිබේ.
සතීස්කුමාර් ලික්ෂාන් නමැති මේ ශිෂ්‍යයා අච්චුවේලි රාමලිංගම් පාසලේ ඉගෙනුම ලබයි.
උදෑසන මොහු සරුංගලයක් සමඟ සෙල්ලම් කරමින් සිටිනු යාබද නිවෙසක අයකු දැක තිබේ.

ළමයා නිවෙසේ නොමැති බව දැක ඒ පිළිබඳව සොයා බැලීමේදී සිසුවා ළිඳට වැටී මියගොස් ඇති බව ළමයා සෙවීමට ගිය පිරිසක් දැක ඇත.
සරුංගලය සමඟ සෙල්ලම් කරමින් සිටි ළමයා ළිඳට වැටෙන්නට ඇතැයි විශ්වාස කරයි.
අච්චුවේලි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ