පසුගියදා රජය මගින් ප්‍රකාශයට පත් කළ දිරායාම කලගතවන පොලිතින් නිස්පාදනය තහනම් කිරීමේ
නියමයට පිටින් යමින්
තහනම් පොලිතීන් නිපද වූ නිෂ්පාදකයන් දසදෙනකු මේ වනවිට නීතියේ රැහැනට හසු කරගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. පොලිතීන් තහනම අකුරටම ක්‍රියාත්ක කිරීම ආරම්භ වූ ජනවාරි 1 වැනිදා සිට

වන අතර මේ දක්වා සිදුකළ හදිසි වැටලීම් 146කින් පසු මෙම දස දෙනා අල්ලා ගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයේ වැටලීම්වලින් ස්ථාන දෙකක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ වැටලීම්වලින් ස්ථාන තුනක්ද, උතුරු පළාතේ වැටලීම්වලින් ස්ථාන පහක්ද මෙලෙස තහනම් පොලිතීන් නිෂ්පාදකයන් ලෙසින් හඳුනාගත් බව වාර්තාවේ.