කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී තරු පන්තියේ හෝටල් දෙකක් ඉඳිකිරිමට රජය තීරණය කර තිබේ. ගුවන් තොටුපොළහි පිහිටි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක හෝටල් දෙක ඉදි කිරීමට නියමිතය.

 ඒ අනුව

ඉන් එක් ඉඩමක තරු හතර පන්තියේ හෝටලයක් ඉදිකර පවත්වාගෙන යාම සඳහා දැනටමත් යෝජනා කැඳවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්ෂස්වා අමාත්‍යනාංශය පවසයි.
අනෙක් ඉඩමේ තරු දෙක පන්තියේ හෝටලයක් ඉදිකර පවත්වාගෙන යාමට සඳහා ආයෝජකයෙක් තෝරා ගැනීම සඳහා යෝජනා කැඳවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් ෙස්වා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝඡනාවකට ද පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ගමන්වාර දෙකක් අතර හුවමාරු ගමන් සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන පැය කිහිපයක් ලංකාවේ රැඳෙන විදෙස් මගීන් මේ දක්වා ගුවන් තොටුපළේ විවේක අංගන වල හෝ සීදුව අවට කුඩා හෝටලවල නවාතැන් ගත් අතර ඒ සම්බන්ධ ගැටලු පැවතිණි.
මෙම හෝටල මගින් එම ගැටලු නිරාකරණය වනු ඇතැයි වාර්තාවේ.