වාර්ෂිකව පැවැත්වෙන රූපවාහිනී මාධ්‍ය හා ටෙලි නිර්මාණ ඇගයීමේ රයිගම් ටෙලීස් සම්මාන උළෙල එළැඹෙන වසරේ කල් ඇතිව පවත්වන්නට සූදානම් කර ඇතැයි එම සංවිධායක මඩුල්ල දන්වා සිටී.
එළඹෙන

2018 මාර්තු මස 24 වන දින සන්ධ්‍යාවේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දහහතර වැනි රයිගම් ටෙලීස් උළෙල පැවැත්වෙන බවත්
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ප‍්‍රණාම සම්මාන
ඇතුළු සුපුරුදු සම්මාන ප්‍රදානය කරනු ඇති බවත් සංවිධායකයින් දන්වා සිටී.
රයිගම් ටෙලීස් 2017 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2018 ජනවාරි 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඟහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් පහත සඳහන් අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.
දු.ක: 011 4886777, 011 4886888