චිත්‍ර ශිල්පිනියක් වෙලා හිටපු කළණි උත්තරා දේවි වුණේ කොහොමද...?
ඔව්... මම චිත්‍ර ශිල්පිනියක්. මම හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉගෙන ගත්තේ චිත්‍ර කලාවයි. විශ්වවිද්‍යාලයේ මට උගන්නපු ගුරුවරයෙක් තමයි නාමල් ජයසිංහ කියලා කියන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම මම නාමල් සර්ව
අඳුරනවා. ඊට පස්සේ මම තුමිඳු එක්ක විවාහ වුණාට පස්සේ නාමල් සර් අපේ පවුලට බොහෝම හිතවත් කෙනෙක් වුණා. නාමල් සර් තුමිඳුගේ හොඳම යාළුවෙක්. නාමල් සර් අලුත් නිර්මාණයක් කරනවා කියලා මම තුමිඳු හරහා දැනගත්තා.


• ඒ වෙනකොට කළණි වෙළඳ දැන්වීම් කිහිපයකටම සහභාගී වෙලයි නේද හිටියේ...?
ඔව්... මම ඒ වෙනකොට වෙළඳ දැන්වීම් විස්සක වගේ ගණනකම සම්බන්ධ වෙලයි හිටියේ. මම විෂයක් විදිහට චිත්‍ර කලාව කරද්දී මට ඕන වුණා රඟපානවා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒ ගැන හදාරන්න. ඉතින් මම මේ දේවල් දැනගන්න නාමල් සර් කරපු Work Shop එකට සම්බන්ධ වුණා. ඒ ඔස්සේ මම රඟපෑම පිළිබඳව අවබෝධයක්, අධ්‍යයනයක් කළා.
මම අම්මා ක‍ෙනෙක්  ව‍ෙන්න හරිම ආසාවෙන් හිටියේ. තුමිඳුත් බබා ලැබෙනකම් හරි ආසාවෙන් ඉන්නේ.

• ඔය කාලේදීද නාමල් සහෝදරයා ටෙලි නිර්මාණය, තිර රචනා කලේ...?
ඔව්... ඒ කාලෙදී නාමල් සර්ගේ “සහෝදරයා* තිර රචනය පිළිබඳව මට දැනගන්න ලැබුණා. ඒ වෙනකොට “රජීව්* කියන චරිතයට නාමල් සර් තුමිඳුව තෝරගෙනයි තිබුණේ. ඒ වෙනකොට උත්තරා දේවිගේ චරිතයට නාමල් සර්ගේ හිතේ චරිත කිහිපයක්ම ඉඳලා තියෙනවා. එහෙම එක එක්කෙනාව හිත හිතා ඉන්න කාලෙක නාමල් සර් මට උත්තරා දේවිගේ තිර පිටපතක් දීලා කිව්වා. “මේක කියවලා බලන්න කියලා. ඉතින් මාත් ඒ පිටපත කියවලා බැලුවා. මට ඇත්තටම ඒ පිටපත දුන්නේ ඇයි කියලා දැනගෙන හිටියේ නෑ. ඉතින් ඒ පිටපත කියවද්දී මට මාරම ආස හිතුණා. මම ඒ පිටපත එක හුස්මට කියවලා බැලුවා. ඉතින්... එහෙම කියවලා මම නාමල් සර්ට කෝල් කරලා. “සර්... මේ පිටපත මාරම ලස්සනයි. කියලා කිව්වා. ඒ චරිතය මට මාර විදිහට සමීපයි. වගේ දැනුණා.

• උත්තරා දේවි දමිළ කතෝලික කාන්තාවක්...?
ඔව්... ඒක ඇත්තයි. උත්තරා දේවි වගේම මාත් දමිළ කතෝලික කාන්තාවක්. ඒ නිසා උත්තරා දේවි වගේම ඒ හැම දෙයක්ම මට මටවගේ දැනෙන්න පටන් ගත්තා. මම කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් හොරණ ශ්‍රීපාලියෙන් ඉගෙන ගත්තා. මම කළේ සිංහල මාධ්‍යයෙන්. ඉතින් පිටපත කියවලා දැනිච්චි ආසාව නිර්මාණය අවසානයේදීත් අද ඒක නරඹද්දීත් මගේ හිතට දැනෙනවා.

• “සහෝදරයා කළණිට ආගන්තුකයි. මේ ඔබේ මුල්ම ටෙලි නිර්මාණයයි. කොහොමද ප්‍රවීණ අයගෙන්, කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය...?
ඒ ගැනනම් කියන්න වචන නෑ. සහෝදරයා කියන නාට්‍යයේ මම නැතිව අනිත් හැමෝම හිටියේ ප්‍රවීණ කලාකරුවන්, කලාකාරියන්. චාන්දනී අක්කා, චමිලා අක්කා, රොෂාන් අයියා, තුමිඳු මේ හැමෝගෙන්ම මට පුදුම සහයෝගයක් ලැබුණා. ඒ හැමෝම ක්ෂේත්‍රය දිනාගත්තු මම ආසකරන චරිත. ඊට අමතරව නාමල් සර්, කැමරා අධ්‍යක්ෂක ධම්මික අයියා, වේෂ නිරූපණ කළ හර්ෂ අයියා වගේම මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සපෝට්එකක් ලැබුණේ. චාන්දනී අක්කා එක්ක එක රූප රාමුවක ඉන්න ලැබීමම මගේ වාසනාවක්. ඒ කවුරුත් මාව අලුත් කෙනෙක් විදිහට සැළකුවේ නෑ. අනික මම සිංහල නෙමේ. ඉතින් වචන කියද්දී උච්චාරණය කරන විදිහ සම්බන්ධ ගැටලුවලදී ඒ හැමෝම මාත් එක්ක හිටියා. මම ජාතියෙන් දෙමළ, ආගමෙන් කතෝලික කෙනෙක්.
එක හුස්මට කියවලා බැලුවා සර්... මේ පිටපත මාරම ලස්සනයි කියලා කිව්වා

• සහෝදරයා ටෙලි නාට්‍යයේ උත්තරා දේවි. රජීව් සැබෑ ජීවිතේදී කළණි සහ තුමිඳු නාට්‍යයේ සංවේදී තැන්වලදී කෙහොමද ඒකට මුහුණ දුන්නේ...?
උත්තරා දේවි මට මගේ ජීවිතයට හරි සමීපයි. රජීව් කියන්නේ බෞද්ධ සිංහල කෙනෙක්. ඉතින් ඇත්තටම මගෙයි තුමිඳුගෙත් විවාහ ජීවිතයට මේ කතාව ටිකක් සමීපයි. ඒ සමීප තම පිටපත කියවද්දීම මට දැනිච්චි දෙයක්. දැන් අපි විවාහ වෙලා අවුරුදු හතරයි. ඒ කාලය ඇතුළත මට දැනිච්චි බොහෝ දේවල් උත්තරා දේවි තුළින් පෙනෙනවා. නාට්‍යය රූගත කිරීම් කරද්දී මට තුමිඳුගෙන් ලොකු ස්පෝට් එකක් ලැබුණා. අපි දෙන්නා ඇත්තටම ගෙදර හරි ආදරෙන් ඉන්න දෙන්නෙක්. ඉතින් ඒ ආදරය කට්ටියක් බලාගෙන ඉද්දිදී කැමරාව ඉස්සරහා කරද්දී මුලදී මම බය වුණා. ලජ්ජා හිතුණා. හැබැයි තුමිඳු මට හැමවෙලේම ඒ බය නැති කරගන්න සහයෝගය දුන්නා. ගෙදරදීත් අපි අපේ චරිතය ගැන කතා කළා. ඉතින් මේක ගොඩාක් සංවේදී කතාවක්. උත්තරා දේවි චරිතය මුල ඉඳලා අන්තිම වෙනකන් බැලුවොත් ඒ චරිතය ගොඩාක් සංවේදී චරිතයක්.


• කියමුකෝ... තුමිඳුයි කළණියි අඳුරගත්තේ, ආදරේ කරන්න පටන් ගත්තේ කොහොමද කියලා...?
මම තුමිඳුව හඳුනාගන්නේ එක නාට්‍යයක් බලන්න ගිහිල්ලයි. ඒ තමයි තුමිඳු රඟපාපු “ඇන්ටිගනී කියන වේදිකා නාට්‍යය. ඒක ලුම්බිණි රඟහලේදී තියෙද්දී මාත් ඒක බලන්න ගියා. තුමිඳු එදා හරි ලස්සනට රඟපෑවා. ඒ නිසා නාට්‍යය අවසානයේදී එයාට සුභ පතන්න මට ඕන වුණා. ඉතින්... නාට්‍යය ඉවරවෙලා මම තුමිඳු ළඟට ගිහින් සුභ පතලා කතා කළා. ඒ දැනහැඳුනුම්කම ආදරයක් වුණා. ඒ ආදරය විවාහයක් වුණා. මම එයාට හැමදාමත් කියන්නේ හැමදාම මගේ කැමතිම නළුවා තුමිඳුම තමයි.

• කළණි අද වෙද්දී වෘත්තියෙන් චිත්‍ර ශිල්පිනියක්...?
මම මානසික ගැටලු තියෙන දරුවන්ට චිත්‍රවලින් ප්‍රතිකාර ලබා දෙනවා. (ආට් තෙරපි). මම වැඩ කරන්නේ මානසික ගැටලු තියෙන පුංචි දරුවෝ එක්කයි. ඒ අතර මම චිත්‍ර ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. චිත්‍ර කලාව මම හරිම ආසාවෙන් කරන්නේ.

• අද තුමිඳුගේ කළණිගෙයි ජීවිතයට තවත් පුංචි අමුත්තෙක් එන්න ළඟයි නේද...?
ඔව්... අපි විවාහවෙලා අවුරුදු හතරක්. විවාහ ජීවිතය සම්පූර්ණ වෙන්නම් දරු පැටියෙක් ඉන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. අනෙක මම හරියට දරුවන්ට ආදරෙයි. මම වැඩ කරන්නෙත් දරුවෝ එක්කයි. ඉතින් මම හරිම ආසාවෙන් හිටපු දෙයක් තමයි මේ හැබෑ වෙන්න ළංවෙන්නේ. තුමිඳුත් හරි ආසාවෙන් ඉන්නේ.

Text - Jayamali (courtesy -deshaya)