බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන 31 වැනිදා දක්වා සති 3 කින් පමණ දීර්ඝ කර තිබේ.


ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි වාර්තාව සකස් කර අවසන් කිරීමේ අවශ්‍යතාව මත එහි නිල කාලය දීර්ඝ කළ බවයි.

ඒ අනූව ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබුණි