මිස් යුනිවර්ස් කිරුළ දකුණු අප්‍රිකාවට
ලංකාවේ ක්‍රිස්ටිනා පීරිස් අවසන් 16 ට

පසුගිය 26 වනදා ඇමෙරිකාවේ ලාස්වේගාස් හිදී පැවැති 2017 විශ්ව රූ රැජින (Miss Universe)තරගය ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ  ඩෙමිලෙ නෙල්පීටර්ස් තරගකාරියයි.  මෙම තරගයේ ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ක්‍රිස්ටිනා පීරිස් එහි අර්ධ අවසන් පූර්ව වටයට අයත් 16 දෙනා අතරට පිවිසීම විශේෂත්වයකි.
1955 වසරෙන් පසු  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 
විශ්ව රූ රැජින තරගයක අර්ධ අවසාන පුර්ව වටය දක්වා කිසිදු තරගකාරියක

පිවිස නොතිබුණ අතර එසේ පැමිණි පළමු අවස්ථාව ක්‍රිස්ටිනා පීරිස් වීම විශේෂත්වයකි.
1955 වසරේදී ශ්‍රී  ලංකාව නියෝජනය කළ මොරින් හින්ගර්ට් විශ්ව රූ රැජින තෙවනි ස්ථානය දිනා තිබිණි.
රත්මලාන ප්‍රදේශයේ උපත ලබා බම්බලපිටියේ හෝලි ෆැමිලි කන්‍යාරාමයෙන්  9 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති ක්‍රිස්ටිනා ඉන් අනතුරුව සිය පවු‍ලේ සාමාජිකන් සමග අබුඩාබිහි පදිංචියට ගොස් තිබේ. ඇය මේ වන විට 23 වන වියේ පසුවන්නීය.