කිසියම් පිරිසක් විසින් අද (21) උදෑසන හා ඊයේ සවස මුලතිව් මුහුද ගොඩගලන අවධානමක් ඇති බව පැවසීම නිසා අද (21) නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබුණි.
සුනාමි බිය නිසා

සියලු වැසියන් අද සියලු ගමන් වලින් වැලකී සිය නිවෙස් තුලටම වී සිටි අතර සිය දෛනික කටයුතුවලට බාධා ඇති විය.
කෙසේ වෙතත් මුලතිව් පොලිසිය කියා සිටියේ කිසිදු සුනාමි අවධානමක් නොමැති බවටත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසට ජනතාව දැනුවත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා අපදා කළමණාකාරණ මධ්‍යස්ථානය දන්වා ඇත්තේ මෙය කටකතාවක් පමණක් බවයි.