සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවට එරෙහිව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සමේ තීන්දුව අද (02දා) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පංච පුද්ගල විශේෂ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ කුමාරසිංහ මහත්මියගේ පෙත්සම විභාග විය.
ඇයගේ මන්ත්‍රි ධුරය නීත්‍යනුකූල නොවන බවට අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශ වූයේ ඉකුත් මැයි මස 03 වැනි දිනයේදීය.

ද්විත්ව පුරවැසිභාවයක් දැරීම හේතුවෙන් ඇයගේ

තේරීපත්වීම නීත්‍යනුකූල නොවන බවට ඇයට එරෙහිව වූ පෙත්සම විභාග කළ පී්‍රති පද්මන් සූරසේන හා විජිත් කේ. මලල්ගොඩ යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයේ තීන්දුවට අභියෝග කරමින් කුමාරසිංහ මහත්මිය ගොනුකළ විශේෂ අභියාචනා පෙත්සම විභාග වූයේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේය.
පෙත්සම් විභාගයේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධුරය නීත්‍යනුකූල නොවන බවට අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුව දෝෂ සහිත බවට කරුණු ගෙනහැර දක්වමින් එම තීන්දුව ඉවත දමන ලෙසට ඉල්ලා සිටියේය.

ඊට එරෙහිව කරුණු දක්වන ලද්දේ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා විසිනි.
පෙත්සම් විභාගය සම්බන්ධයෙන් අවසන් කරුණු දැක්වීම ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා අවසන් වූ අතර ලිඛිත දේශන සඳහා ඔක්තෝබර් 10 වැනි දින දක්වා දෙපාර්ශ්වයට අවස්ථාව ලබාදී තිබිණි.

අද දින මෙම පෙත්සම සිසිර ද ආබෘෘ, අනිල් ගුණරත්න හා විජිත් කේ. මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවා තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.

නඩු තීන්දුව සිසිර ද ආබෘෘ විනිසුරුතුමන් විසින් ප්‍රකාශයට පත්කිරීමටද නියමිතය.

කමල් මහේන්ද්‍ර වීරරත්න