දැරණියගල සොර සැමියා සමග ඝාතනය වූ කාන්තාව
යන යනතැන පිරිමි - විවාහ දෙකක දරුවො 5යි
ඝාතන සිදුකළ සැමියාගෙ මල්ලීත් අනියම් පෙම්වතෙක්



සැමියා නිවසේ නැති දිනයන්හි විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කරමින් සිටියදී සොර සැමියන් අතර ආරවුලකින් මරණයට පත්වූ දැරුණියගල ප්‍රදේශයේ කාන්තාව සම්බන්ධ සිද්ධියට අදාළව මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.
මෙම සිදුවීම නිසා අදාළ කාන්තාව සොර සැමියෙකු සමග මරාදමා තිබුණ අතර 4 හා 7 වයස්වල පසුවූ කාන්තාවගේ දැරියන් දෙදෙනා තුවාල ලබා තිබුණි.
කාන්ති හේමලතා (32) නමැති මියගිය කාන්තාව මින් ඉහත විවාහයකින්  දරු තිදෙනකු සිටින තැනැත්තියක බවත් එම සැමියා සහ දරු තිදෙනා අතහැර මීට වසර 10කට පමණ පෙර
දැනට ජීවිත් වූ පුද්ගලයා සමඟ දැරණිගලට පැමිණි පසු මේ දරුවන් දෙදෙනා බිහි කළ බවත් වාර්තා වේ.
අධික කාමශක්ත කාන්තාවක බව පැවසෙන ඇය දරුවන් නිවසේ සිටියදී ඔවුන් දැනුවත්ව පරපුරුෂයින් සමග අනියම් සබඳතා පැවැත්වීම නිසා මින් පෙර විවාහයද කටුගාගෙන තිබෙන අතර දරු තිදෙනා පුරුෂයා භාරගෙන ඇයව නිවසින් එළවා දමා ඇත. නමුත් ඇය එම කටයුතු දිගටම කරගෙන ගිය  බව වාර්තාවේ. ඇගේ ලියාපදිංචි විවාහයන් ඇත්තේ එකකි.
ඇය වත්මන් ස්වාමි පුරුෂයා සමග නීතියෙන් විවාහ වී සිට නැත. කලින් කලට විවිධ තැන්වලදී හමුවන අය සමග

අවස්ථාව ලද සැණින් වරදේ බැඳෙන සුළු තැනැත්තියකවූ ඇය පසුගිය කාලයේ පිරිමින් රැසක් සමග මේ ආකාර සබඳතා පවත්වා ඇත.
මෙම ඝාතන සිද්ධියේදී මියගිය අනියම් පුරුෂයා මරාදමන ලද්දේ ඇය සමග අනියම් ඇසුරක් පැවැත්වූ වර්තමාන සැමියාගේ බාල සහෝදරයා වීමද විශේෂත්වයකි.
ස්වාමි පුරුෂයාට ඈත පළාතක රැකියාවක් ලැබුණ පසු ඔහු සතියකට වරක් සතිඅන්තයේ පමණක් නිවසට ඒම පුරුද්දක් කරගත් පසු මීට වසර එකහමාරක පමණ සිට මේ කියන 27 හැවිරිදි බාල සොයුරා සමග 32 හැවිරිදි ඇය අනියම් ඇසුරට පෙළඹී ඇත.
බාප්පා නිතර නිවසට යාම ඒම දැරියන්ගේ සැකයට හේතුවන තරම් නොවන ආකාරයට මෙම ඇසුර පවත්වා යාමට ඔවුන් වගබලාගෙන ඇත. මේ අතර කාලයේ බාල සොයුරාටද රැකියාවක් ලැබුනෙන් ඇයව බලන්නට ඔහුට එන්නට නිවාඩු හිඟයක් මතුවූ නමුත් ඔහු ඇතැම් අවස්ථාවල රැකියා ස්ථානයේ නිවාඩු දමා දවල් කාලයේ ඇය ඇසුරු කරන්නට නිවසට පැමිණ ඇත.
සැමියාගේ බාල සොයුරාගේ ඇසුර කෙමෙන් ඈත්වන කාලයේ මීට මාස තුනකට පමණ පෙර සමූපකාරයෙදී හමුවූ 50 හැවිරිදි අංකල් ඇගේ අසුරට අලුතින් එක්වී තිබේ. ඔහු කතාකරකර ඉඳ යන්නට මුල් කාලයේ නිවසට ගෙන්වා ගත් ඇය දැරියන්ටද සමූපකාරෙ අංකල් කියා හඳුන්වාදී ඇත.

කලින් කලට අම්මාට හමුවන අලුත් යාළුවන් ගැන දැරියන්ට අරුමයක් තිබී නැත.
අයියාටත් මල්ලීටත් පමණක් හිමි භුක්තිය පිට අයෙකු හිමිකරගෙන තිබෙන බව මල්ලීට ඉව වැටීම මෙම ඝාතන සිද්ධියට මුලයි.

ඒ ගැන කාන්තාවගෙන් ඇසූවත් ඇය එම කතාව ප්‍රතික්ෂේප කර තිබේ.

සමූපකාරෙ අංකල් සිටින වේලාවක් දැනගෙන තරුණ මල්ලී සිද්ධිය වූ දා නිවසට පැමිණ ඇත්තේ හොරේ අල්ලන්නටය.
ඔහු එදින නිවසට එනවිට දැරියන් දෙදෙනා සෙල්ලම් කරමින් මිදුලේ සිට ඇති අතර ඔහු එක්වරම ඔවුන් මගහැර නිවසේ නිදන කාමරය දෙසට දිවගොස් තිබේ. දොර අගුළුලා තිබූ බැවින් එය ඇරගන්නට උත්සාහ කරද්දී ඇතුලේ සිටි අංකල් සහ කාන්තාව එළියට ඇවිත් තිබේ.

අනියම් ඇසුර අතටම හසුවූ බැවින් කෝපයට පත් තරුණයා කාන්තාවට දොස් පවරා ඇති අතර ‘මං කාව ගෙදට්ට ගෙන්නගත්තම ඔයාට මොකද?‘ යන ඇගේ පැනය හමුවේ කෝපය ඉහවහාගිය තරුණයා නිවසේ කුස්සියට දිවගොස් වක් පිහියක් ගෙනවිත් ඇයට කොටා අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

එම අවස්ථාවේ සමූපකාර අංකල් පළාගොස් ඇති අතර මොහු ඔහු පසුපස පන්නා ඇත.
එසේ දිව යද්දී ඇතිවූ කලබලය නිසා බියට පත් දැරියන් බාප්පාට කෑගසමින් ඔහු වළකන්නට පැන තිබෙන අතර එම අවස්ථාවේ මොහු ඔවුන් ඉවතට ඇද දමා ඇත්තේ පිහියෙනි. එයින් දැරියන් තුවාල ලබා ඇත. පසුව ටික දුරක් අංකල් පසුපස එළවා ගිය තරුණයා ඔහුවද කොටා ඝාතනය කර ඇත. අංකල්ගේ මළ සිරුර නිවසේ සිට මීටර 60 ක පමණ එපිටින් පසුව හමුවිය.

ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරු පළාගොස් තිබුණ අතර ඊයේ (27) අලුයම මාලිබඩ ප්‍රදේශයේ පුද්ගලික වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ මුල් වාර්තාව මෙතනින්