පරිප්පු, හාල්මැස්සන් සහ කරවල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක් මත පනවා තිබූ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දැමීමට රජය ඊයේ (8) පියවර ගත් බව අැමති මංගල සමරවීර දන්වා සිටිෙය්ය.
අද දින අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව මෙම බදු සංශෝධනය සිදුකිරීම විශේෂිතය.

හාල්මැස්සන්, අර්තාපල්,

ලොකු ලූනු, පරිප්පු, කරවල හා තෙල් මත පනවා තිබූ බදු මෙලෙස පහළ දැමුණු අතර ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය-ශය මගින් ඊයේ (8) නිකුත් කෙරිණි.
ඒ අනුව හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් එකකට් රුපියල් 10කින් ද, අර්තාපල් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 39කින්ද, ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකකව රුපියල් 30කින්ද, පරිප්පු (සම්පූර්ණ) කිලෝ ග්‍රෑම් එකකට් රුපියල් 9 කින්ද, පරිප්පු (පියළි කළ) කිලෝ ග්‍රෑම් එකකට් රුපියල් 12කින්ද, කරවල කිලෝ ග්‍රැම් එකකට් රුපියල් 50කින්ද බදු අඩුකර ඇත.
ඊට අමතරව ශුද්ධ නොකළ පාම් තේ හා අනෙකුත් එළවළු තෙල් වර්ග, පාබ් ෆිලේන්,
පාම් ස්ටියරින් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 15 කින්ද, ශුද්ධ කළ පාම් බෝතල්, ශුද්ධ කළ අනෙකුත් එළවළු තෙල්, ශුද්ධ නොකළ පාම් කර්නල් තෙල්, පොල්තෙල් (ශුද්ධ කළ හා නොකළ) කිලෝ ග්‍රැම් එකකට රුපියල් 25කින්ද, ශුද්ධ කළ පාෂ් කර්නල් තෙල් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 35කින් ද බදු අඩු කර ඇත.
මෙම බදු අඩුකිරීම ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.