තම ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩවර්ජනය කිරීමට දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ඊයේ තීරණය කරන ලද අතර ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
දුම්රිය රියැදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

අදාල ගැටලුව සම්බන්ධයෙන් ඊයේ දහවල් බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුණද ඊට යහපත් ප්‍රතිචාර

නොලැබුණු බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පීරිස් මහතා සඳහන් කළේය.
 දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කරන දුම්රියන් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
දුම්රිය ගමන් වාර අවලංගු කිරීමත් සමඟ මගීන් කොටුව දුම්රිය ස්ථානයේදී නොසන්සුකාරී ලෙස හැසිරුණු අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවනු ලැබීය.
දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරු වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ.
දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, අද උදෑසන ධාවනයට නියමිත සියලු දුම්රිය අත්හිටුවීමට සිදුවන බව ය.
මේ අතර කොටුව දුම්රියපොළ මේ දක්වා මගීන් සඳහා විවෘත කර නොමැති බව වාර්තා වේ
අද අලුයම සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය ධවනය නොවීම හේතුවෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවයට පත් ව තිබේ.