දිවුලපිටිය එ.ජා.ප. ආසන සංවිධායක ලෙස කටයුතු කළ සමාජ සවිබල ගැන්වීමේ හා උඩරට සංවර්ධන
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම ධුරයෙන්

ඉවත්කර ඊට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි කිත්සිරි මංචනායක මහතා එක්සත් ජාතික පක්ෂය මඟින් පත්කර තිබේ.
කිත්සිරි මංචනායක මහතා ආසන සංවිධායක ධුරයට පත්කිරීමට අදාළ ලිපිය එ.ජා.ප. නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (30දා) සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේදී භාරදෙනු ලැබීය.
පසුගිය වසරේ අගෝස්තු මස පැවැති මහ මැතිවරණයේදී එ.ජා.ප.යෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ රන්ජන් රාමනායක මහතා වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

උපතිස්ස පෙරේරා