සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නොවැම්බර් මස 15 දින
අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත

ගෝලීය සෞඛ්‍ය රැස්වීමට සහභාගී වන අතරවාරයේ
ලොව ධනවත්ම පුද්ගලයා වන මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල්ගේට්ස් හමුවීමට වේලාවක් වෙන් කර ඇතැයි වාර්තාවේ.
බෝ නොවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීමට හා ඇගයීමට  අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන Mohammed bin Rashid  සමග බිල්ගේට්ස්ට උවමනාවී ඇති බැවින් මෙම විශේෂ හමුව සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය දන්වා ඇත.
ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීමට අදාළ වැඩසටහන්  ගැන බිල් ගේට්ස් උනන්දු බවත් මේ සදහා අමාත්‍ය සේනාරත්න පසුගිය දෙවසර තුල වැඩසටහන් රැසක් දියත්කර තිබීම ගැන ඔවුන්ගේ සාකච්ඡාවේදී විමසීමට අපේක්ෂිත බවත් වාර්තාවේ.