බඩු එපා....බඩු එපා...
පියුමි හංසමාලිට කොරියාවේදී
කෙහෙල් ගෙඩි ප්‍රහාර (video)


පසුගියදා ප්‍රවීණ ගායකයෙකුට අපහාස වන අයුරින් කෙසෙල් ගෙඩි කමින් මියුසික් වීඩියෝවක රඟපෑ අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්වීමෙන් පසු මින් දින දෙකකට පෙර ඇය කොරියාවේ සිදු කළ සංචාරයක සංගීත ප්‍රසංගයක් අතරතුර කෙසෙල් ගෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.
මෙම සිදුවීම අසත්‍යයක් බවට පියුමි ෆේස් බුක් වෙත පණිවිඩයක් මුලින් නිකුත් කළද සිද්ධියට අදාළ වීඩියේ රූප රාමු අන්තර්ජාලය පුරා පැතිරෙද්දී
ඇය එම ස්ථානයේ කලබලකාරී

තත්වයක් ඇතිවූ බව පිළිගෙන තිබේ.
ප්‍රසංගය නැරඹීමට කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 900 ක් පමණ ආ නමුත් තමාට විරුද්ධවූයේ 10 ක් තරම් සුළු පිරිසක් බවත් තමා එහි එනවාට මුල සිට අකමැත්තෙන් සිටි නිළියන් ගැනද තමාට ආරංචිවූ බවත් පවසා තිබෙන පියුමි මෙම විරෝධයට හේතුවූයේ ආන්දෝලනයට ලක්වූ මියුසික් වීඩියෝව මිග්න ප්‍රවීණ ගායක වික්ටර් රත්නයකට අපහාසයක්ව බව ඇතැමුන් සිතා සිටීම බවත් පිළිගෙන තිබේ.
නමුත් ඒ ගැන පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ තමා කළේ රංගනයක් පමණක් බවත් ඒ රංගනය වික්ටර්ගේ චරිතය  නොව ඔහුගේ බිරියට අදාළ බවත් ඒ නිසා ප්‍රවිණ ගායකයාට අපහාසය්ක සිදුවන්නේ නැති බවත්ය.

පියුමි කොරියානු ප්‍රසංගට වේදිකාවට එන්නට පෙර සිටම ‘බඩු එපා.. බඩු එපා..‘ යයි කියමින් නරඹන්නන් කෑ ගැසූ අයුරුත් කෙහෙල් ගෙඩි ප්‍රහාරය හා ඉන් පසු ප්‍රසංගය මදකට නැවතී තිබුණ අයුරුත් පියුමි කරුණු පැහැදිලි කළ අයුරුත් දැක්වෙන වීඩියෝව පහතින්