නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත මෙන්ම පැරණි හැඳුනුම් පත ඉදිරියටත් වලංගු නිසා මහජනතාව කලබලයට පත්වි අලුත් කරගැනීමට ඉක්මන්වීමට අවශ්‍ය නැති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ
කොමසාරිස් ජනරාල් වියානි

ගුණතිලක මහතා පවසයි.
ජාතික පුද්ගල නාමලේඛනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අවුරුදු 15ට වැඩි සෑම පුද්ගලයකුම නැවත ලියාපදිංචි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.
දැනට අලුතින් දෙන සංශෝධන සිදුකරන හෝ නැතිවූ හැඳුනුම් පත් සඳහා පමණක් නව හැඳුනුම්පත නිකුත් කරන බවද ඔහු දන්වා ඇත.
මේ මඟින් පුද්ගලයකුගේ රහස්‍ය තොරතුරු හෝ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු හා ඔහු සමාජයේ හැසිරෙන ආකාරය විද්‍යුත් පද්ධතියක් මඟින් නිරීක්ෂණය කිරීමට නොහැකි යැයි තමා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඔහු කීය.