ගාල්ල මහින්ද විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරමින්

පාසල් සිසුන් සමග කලක් තිස්සේ මතකයේ රැඳෙන සේවාවක් ඉටු කළ නදී සම්පත් සුමනසේකර මහතා පෙරේදා(20) අලූයම සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ.
මියයන විට වයස 34 ක් වූ ඔහුගේ හදිසි අභාවය බොහෝ අයට කම්පනය ඇතිකරවන්නක් වී තිබේ.
දක්ෂිණ අධිවේගී පිවිසුම මාර්ගයේ නුගදූව ආලෝක සංඥා අසලදී ඔහු ගමන්ගත් යතුරුපැදිය වාහනයක හැපීමෙන් අනතුර සිදුව ඇති බවත් අනතුරට සම්බන්ධ වාහනය නොනවත්වා පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි. රාත්‍රි දොළහයි කාලට පමණ අනතුර සිදුව ඇති අතර යතුරුපැදිය සමඟ වැටී සිටි ඔහු 1990 ගිලන් රථයකින්
කරාපිටිය රෝහල වෙතගෙනගියත් ඒවනවිටද ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සුමනසේකර මහතාගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර අනතුරට සම්බන්ධ වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා වරාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මියගිය නදී ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුද වෙයි. ඔහුගේ ක්‍රික් ඉන්ෆො ප්‍රොෆයිලය පහතින්