"ඇපකරුවන් අවශ්‍ය නැත" දිනක් තුළ රුපියල් ලක්ෂ තුනෙන් සිටි අට දක්වා ක්ෂණික ණය ලබා ගත හැකි බව සති අන්ත ජනප්‍රිය පුවත්පත් දැන්වීමක් පළ කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණන් වංචා කළ පුද්ගලයකු පෙරේදා (29දා) පිළියන්දල නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය
කියයි.
 ව්‍යාපාරික අවශ්‍යතා වලට

ක්ෂණික ණය ලබා දෙන බවට දැන්විමක් පළකර කාලයක සිටි සැකකරු මෙම වංචාව කර ඇති බවද පොලිසිය සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරුගේ වංචාවට හසුව රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් අහිමි කරගත් කොටිටියාව පදිංචි පුද්ගලයකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මහතා වෙත ලබා දුන් තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය දන්වා ඇත.

 රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් අවශ්‍ය බව දැන්වූ පසු ඒ සඳහා ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් හතළිස් දහසකට ආසන්න මුදලක් තැන්පත්කරන්නට අවශ්‍ය බව කියා රාජ්‍ය බැංකුවක අංකය ලබාදී එහි තැන්පත් කරන ලෙස මුලින් දන්වා සිටි බවත් පසුව රක්ෂණ ගාස්තු හා නීතිඥ ගාස්තු වශයෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන ඇති බවත් හෙළි විය.
සැකකරුගේ මෙම වංචාවට විශාල පිරිසක් හසු වී ඇති බව වාර්තාවේ.
සැකකරු වයස 31ක පුද්ගලයකු බවද හෙළිව ඇත.