කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්සාව සම්බන්දයෙන් නිරන්තරයෙන්ම ලැබෙන පැමිණිලි කෙරෙහි ක්‍රියාත්මක වූ පොලිසිය එහි නිදැල්ලේ රැඳී සිටි පුද්ගලයන් 29 දෙනකු අත්අඩංගුවට ගන්නට
පසුගියදා කටයුතු කළා.

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැඳෙමින් සිටි ඔවුන් එසේ රැඳී සිටීමට හේතු විමසීමේදී පැහැදිලි කාරණා සනාථ කරන්නට බැරිව යාම නිසා මේ ආකාරයට හසු විය.
විවිධ අකටයුතුකම් කිරීම සඳහා සැකකරුවන් නිකරුණේ රැඳී සිටි බවත් ඒ නිසා අත්අඩංගුවට ගත් බවත් මෙම සැකකරුවන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට කරුනු සැලවූ බවත් අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හෙළි විය.
මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ පෙනි සිටි අයට එක් අයකුට රුපියල් 1500 බැගින් දඩමුදල්  නියම කර තිබේ.