ඩීසල් ලීටර් එකොළොස්‌ දහස්‌ හයසියයක්‌ නාවලපිටියේ සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්‌ථා තෙල් ගබඩා සංකීර්ණය වෙත ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක්‌ ඊයේ (10 දා) අලුයම
හිටිහැටියේ තිරිංග පද්ධතිය අක්‍රිය වීමෙන් ආපස්‌සට ගමන් කර ඇති පුවතක්‌ වාර්තා විය.
 හැටන් සිට මද දුරක්‌ ගමන් ගත් දුම්රියේ වැගුම් නළය පුපුරා යැමෙන් පසුපසට ගමන් කර ඇති බවත් මැදිරිවල තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් පසු දුම්රිය නතර කර ගැනීමට හැකි වූ බවත්, හැටන් දුම්රිය ස්‌ථානයේ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.


 අලුයම තුනට පමණ සිදු වූ මෙම හදිසි තත්ත්වය දුම්රිය ඉංජිනේරු අංශය මගින් යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව යළි දුම්රිය ධාවනය කර තිබේ.