රාජ්‍ය සේවකයන් පස් දෙනකුගෙන් එක් අයකුට මානසික ආතතිය ඇති බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
විශේෂ අවශ්‍යතා සහිත

දරුවන් සඳහා අලුත්ගම - මොරගොල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද පර්ල් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කරමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය සඳහා ස්ථාපිත කර ඇති ඒකකයේ වාර්තාවන්ට අනුව රජයේ සේවකයන් පස් දෙනකුගෙන් එක් අයකුට මානසික ආතතිය ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවය.

රැකියා ස්ථානයේ ගැටලු, නිවෙසේ ගැටලු මෙන්ම කලබලකාරී ජීවිතය සහ තරගකාරිත්වයද වර්තමානයේදී ආතතිය වැඩිවීමට හේතුවී ඇතැයි මානසික සෞඛ්‍ය ඒකකයේ වාර්තා පෙන්වා දෙන බවද අමාත්‍යවරයා කියයි.

වර්තමානය වනවිට මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව වැඩිවී ඇති බවද එය සමාජයට දැඩි ලෙස බලපාන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.