සයිටම් ආයතනය සම්බන්ධව ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇති තීරණය තම සංගමය ඒකමතිකව ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමය ඊයේ (29) නුගේගොඩ පැවති රැස්වීමකදී දන්වා ඇත.
වෛද්‍ය උපාධියක් පිරිනැමීමට තරම් කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම මිස වෙනත් නමකින් හෝ අන්‍යාකාරයෙන් පවත්වාගෙන යෑම
බලාපොරොත්තුනොවන බව ඔවුන්ගේ මතයයි.
 වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ දන්වා

සිටියේ ජනපති මෛත්‍රී දන්වනවා යයි කියන තීරණය බලාපොරොත්තුවෙන් සිටි නමුත්
නිවේදනයක් මගින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙම තීරණය ඉදිරිපත් කර තිබෙන බවත් මේ විසඳුම් ඉදිරිපත් කළ යුත්තේ පුවත්පත් නිවේදන මගින් නොවන බවයි.
 නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට විසඳුම් ඉදිරිපත් කරන බවට ජනාධිපති පොරොන්දු වුණ නමුත් දැන් ඒ සියල්ල අමතක කර සයිටම් අයිතිකරුවන්ට අවශ්‍ය විසඳුමක් ලබාදී ඇති බවත් ඔහු දන්වා සිටියේය.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා ද මෙම විසඳුම් නොපිළිගන්නා බව පවසමින් රජය සයිටම් ගැටලුවට ඉදිරිපත් කළ විසඳුම සහිත නිවේදනය වේදිකාව මත දී ඉරා දමමින් විරෝධය දැක්විය. රඡයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ඡයලත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංගමයේ උප සභාපති ආචාර්ය අශෝක රන්වල, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නිමල් කරුණාරත්න යන මහත්වරු මෙහිදී රජය ඉදිරිපත් කළ විසඳුම නොපිළිගන්නා බවට අදහස් දැක්වූහ.

රජය මේ සම්බන්ධව ලබාදී ඇති අවසන් විසඳුම මෙතැනින්