පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ බාල සොයුරා වූ හිටපු නියෝජ්‍ය ඇමති ගීතාංජන ගුණවර්ධන මහතා හයිලෙවල් මාර්ගයේ කොස්ගම හංදිය අසලදී ඊයේ රාත‍්‍රියේ සිදුව ඇති රිය අනතුරකින්  තුවාල
ලබා රෝහල්ගත කර ඇත.

ඔහු ගමන් ගත් රථය තවත් මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනෙක් මෝටර් රථය පොලීසිය පරීක්‍ෂා කිරීමේදී වේගයෙන් ගොස් ඇත්තේ වංචා සහගත ජාවාරමක් නිසා බව හෙළිව ඇත. වාහනයේ තිබී කේරල ගංජා කිලෝ දෙකක පමණ ප‍්‍රමාණයක් සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්  අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.