2020 වසර වන විට ලක්ෂ 40 ක විදෙස් සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට නම් සියල්ලටම පෙර ශ්‍රී ලංකාව හා සම්බන්ධ විමට තිබෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ පසුගිය දා

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝක සංචාරක දින සැමරුම නිමිත්තෙන් පැවති ව්‍යාපාරික නායක හමුවක දීය.

එහිදී ‘Way Forward For Sri Lanka Innovations, Strategies and Implementation for Sri Lanka Tourism Strategy 2017-2020’ යන්න තේමාව කරගනිමින් පැවති සැසියක දී ධම්මික පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය. “නිසි සම්බන්ධකතාවන් නොමැතිව මිලියන 4 ක සංචාරක ඉලක්කයක් 2020 වසරේ දී සාක්ෂාත් කර ගැනීම ඉතා අපහසු දෙයක් වේවි. මේ සඳහා අඩුම තරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන 20 කින් වත් වැඩි කළ යුතු වෙනවා.“

“ඒ පිළිබඳව අවධානය යොමු නොකරසංචාරක ප්‍රවර්ධන හා අලෙවිකරණ වැඩසටහන් සඳහා මුදල් වියදම් කිරීම නිශ්ඵල කාර්යයක්“, යැයි පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.