මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නට නියමිත කාටද යන අවසාන තීන්දුව අද 6 සිකුරාදා නොර්වේ
ඔස්ලෝ නුවරදී ප්‍රකාශයට පත් කළා. ඒ අනුව න්‍යෂ්ටික අවි විරෝධී ජාත්‍යන්තර සංවිධානයක් වන Ican වෙත එය පිරිනමන්නට තීරණයවී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සන්ධානගත වීම සඳහා මෙම සංවිධානයේ සුවිශේෂී කැපවීම නොබෙල් සාම ත්‍යාග කමිටුවේ  ඇගයීමට ලක්වූ බව
සාම ත්‍යාග කමිටුවේ  සභාපති බෙරිට් රීස් ඇන්ඩර්සන් පවසා ඇත.
 නොබෙල් සාම ත්‍යාගය ඉදිරියේදී උත්සවාකාරයෙන් පිරිනමනු ඇත.