ඉංගිරිය ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී යාමෙන් කළු ගඟට ඉන්ධන මිශ්‍ර වීමේ අවදානමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන්

හොරණ - කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව මොරටුව නගර සභා බල  ප්‍රදේශය, පානදුර, හොරණ, පිළියන්දල, කැස්බෑව, බොරළැස්ගමුව, මිල්ලනිය, කහතුඩුව, නල්ලූරුව, කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම, වැල්මිල්ල, කුඹුකහේන, මොරොන්තුඩුව හා කිරිවත්තුඩුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජල සැපයුම් යථා තත්ත්වයට පත්වන වේලාව දැනුම් දිය නොහැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.