ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙන ආ ටයිල් කැට 241ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි තරුණයන් දෙදෙනා සහ ඊට සහාය දැක්වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනා මේ මස 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත
බන්ධනාගාර ගතකරන

ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (6දා) නියෝග කළාය.
ටයිල් තොගයේ වටිනාකම රු. එක්ලක්ෂ අනූහයදහස් හයසිය අසූවක් වන අතර, ටයිල් තොගය මුදාහැරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයකු හෝ ගණකාධිකාරිවරයා ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දෙනු ලැබුවාය.
ටයිල් තොගය පරණ කතානායක නිල නිවසේ (මුම්ටාස් මහල් ගොඩනැඟිල්ලේ) ගබඩා කර තිබී ඇති අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේ එහි ආරක්ෂාවට සිට ඇත්තේ එම නාවික හමුදා සෙබළුන් දෙදෙනාය.

නාවික හමුදා සෙබළුන් දෙදෙනා ටයිල් තොගය සොරකම් කළ තරුණයන් දෙදෙනාගේ මිත්‍රයන් වන අතර ටයිල් තොගය ලොරියක දමා විකිණීම සඳහා රැගෙන යෑමට නාවික හමුදා සෙබළුන් දෙදෙනා සහය දක්වා ඇත. ටයිල් සොරකම් කළ තරුණයන් දෙදෙනා පම්බොක්ක ආරච්චිගේ දමිත කසුන්, පන්නිල විතානගේ උපුල් දම්මික වන අතර, නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන්නේ දුලංගසිංහ කළුකුමාර අරුණාසිරි බණ්ඩාර, ‍ෙදාඩම්ගොඩ එදිරිසිංහ ආරච්චිලාගේ සිසිර නුවන් ජයසිංහ ද වෙති.
නාවික හමුදා නිලධාරියකු බම්බලපිටිය පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අමිල අබේරත්න