සිනමා නළු සුමිත් බිබිලේ මහතා අභාවප්‍රාප්ත විය. කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා
මියයන විට 87 වන

වියේ පසු විය.
බිබිලේ මහතා අවසන් වරට රඟපෑවේ 1969 වසරේ තිරගත 'සෙනෙහස' චිත්‍රපටයේය.
සෙනෙහස, අසෝකා, රේඛාව ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් ඔහු දායකවූයේය.
 ඔහුගේ දියණිය සනෝජා බිබිලේද ප්‍රකට නිළියකි.
සුමිත්ගේ බිරිඳ නන්දා පද්මිණී 2013 ඔක්තෝබර් 20 වෙනිදා මිය ගියාය. සුමිත් හා නන්දා යුවළට දරුවන් තිදෙනෙකි. ඔවුන් දහම් ශ්‍රිමානි සහ සනෝජාය.