ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ (26) ඇති වූ උණුසුම් තත්වයෙන් පසු පොලිස් භාරයට ගත් මියන්මාරයේ රොහින්ග්‍යා. මුස්ලිම් සරණාගතයින් පිරිස බූස්ස හමුදා රැඳවුම් කඳවුර වෙත යොමු කර තිබෙයි.
ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති නිසා පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් මෙම තීරණයට එළැඹ තිබේ.

කාන්තාවන්,

ළමුන් ඇතුළු සරණාගතයින් 31 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්ය. ඔවුන් මෙරට මුහුදු සීමාව ආසන්නයේ දී බෝට්ටු මගින් ගමන් කරමින් සිටිය දී මීට මාස 04කට පෙර නාවික හමුදා භාරයට පත්වූ අතර මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබන ලෙසට නියෝග ලද අතර නීතිපති මැදිහත්වී
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කාර්යාලයට භාරදීමෙන් අනතුරුව මෙම පිරිස ඊයේ පස්වරුව තෙක් ගල්කිස්ස ප‍්‍රදේශයේ කුලී නිවාසයක රඳවා තබා තිබුණි.
සිහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වී ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා වහාම එළවා දමන ලෙසට ඊයේ උද්ඝෝෂණ සිදුවිය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශ්‍රී ලංකාවට ඇතුළුවීමට වීසා නොමැති බවයි.
එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබද තීරණ ගත යුත්තේ විදේශ අමාත්‍යංශය බව පැවසෙන අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසුවේ රෝහින්ග්‍යාවරුන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවත් මෙම ගැටලූවේදී මියන්මාරය හුදෙකලා නොකර මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ට උදව් කළ බවයි.