අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
 මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් පලවී ඇති අසත්‍ය ප්‍රචාර පිළිබඳව එහි දී අග්‍රාමාත්‍යවරයා පැහැදිළි කිරිමක් කළේය.
ඇතැම් මාධ්‍ය රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි දී ප්‍රකාශ කළේය.
මිනිත්තු 20 ක් පමණ වේලාවක් පුරා මෙම මාධ්‍ය වාර්තාව දැඩිව විවේචනය කළ ඔහු සත්‍ය කරුණු වෙනත් දෙයක් බව පෙන්වා දුන්නේය.

අගමැතිවරයා සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් මෙසේ විවේචනයට ලක් කර ඇත.
එම ප්‍රකාශයේ කොටස් කිහිපයක් පහතින්

"පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක්  මධ්‍යම අධිවේගි මර්ග සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ගෙන යන ද්වේශ සහගත අවලාද සම්බන්ධයෙන් මෙරට ජනතාවට සත්‍ය පැහැදිළි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශය කරනවා.

මධ්‍ය අධිවේගී මර්හය සඳහා කැබිනට් අනුමතිය ලද සමාගම් මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා.
මේ මාධ්‍ය අපට අවලාද නගන්නේ,බිලියන 25ක මුදලක් රටට ඉතිරිකර දැමීම නිසයි.
කොළඹ- නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නොවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්.
මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදි වුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදිකළ යුතු ස්ථානයන් එසේ කළේ නෑ. පස් පුරවා මාර්ග ඉදි කළා. ඒ නිසා පරිසර ප්‍රශ්න ගණනවක් ඇති වුණා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදි වුණු අනෙක් අධිවේගී මාර්ගවලට වඩ ඉතා සංකීර්ණයි.
2015 මාර්තු මස  ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම්  ලබා දිය හැකි අයුරුයි.
ණය ආධාර ලබගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සකච්ඡා තම අවසන් වී නෑ. ලබාගන්නා ණය මුදල පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹී නෑ.
ශ්‍රී ලංකා රජය එකඟවන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම එකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමටත් 2017-07-11 දා කැබිනට් අනුමැතිය ලැබුණා. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ගත් තීරණ පෞද්ගලික තීරණ නොවෙයි.
මේ මාර්ගය නිසා වාසි ලබන්නේ මහජනතාවයි.මහජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සහ කරන මහාරාජවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි.තමන්ගේ ව්‍යාපාර තරකර ගැනීමට තමන්ගේ ම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි"