ලන්ච් ෂීට් - සිලි බෑග් - රෙජිෆෝම් ආහාර පෙට්ටි හා ගේ‍රාසරි කවර නිෂ්පාදනය අලෙවිය හා භාවිතයට පනවා ඇති තහනම අද සිට ක්‍රියාත්මක වෙයි.
මේ අනුව ආගමික

සමාජයීය සංස්කෘතික හා දේශපාලන ඇතුළු සියලු උත්සවවලදී සැරැසිලි සඳහා පොලිතින් භාවිතය තහනම්ය.
සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතාගෙන් 'මව්බිම' කළ විමසුමකදී ඔහු කියා සිටියේ 40 වසරක් තිස්සේ පවත්වාගෙන ආ මේ කර්මාන්තය දින 45ක් වැනි කෙටි කාලයකින් නවතා දමන ලෙස බලධාරීන් කර තිබෙන ප්‍රකාශය අහෝසි කරගන්නා ලෙස ඉල්ලා සිටි බවයි. රජයේ මේ තීරණය නිසා පොලිතින් කර්මාන්තකරුවන් 1,000ක් ඍජු නිෂ්පාදකයන් 50,000ක් සමඟ සමස්ත කර්මාන්තයේ යෙදෙන ලක්ෂ 3කට වැඩි පිරිසකට රැකියා අහිමි වන බව ඔහු කියයි.

කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් එම්.ටී. එම්. ඉක්බාල් මහතා
පොලිතින් සම්බන්ධයෙන් කියා සිටියේ පොලිතින් බෑග් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා නම් ඒ වෙනුවට වෙනත් දෙයක් හඳුන්වාදීම රජයේ ප්‍රධාන යුතුකම බවයි.

ආරියරත්න ගනේගොඩ