"සයිටම් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා ඇමැතිවරයාගේ වාර්තාවේ හරයක් නෑ. ඒ වාර්තාවෙන් පිළිතුරු ලබා දී තිබෙන්නේ ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දුට පමණයි" යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. "සයිටම්
ආයතනයේ දැනට ඉගෙන ගන්නා දරුවන්ට විසඳුමක් දීලා නෑ. රාජ්‍ය වෛද්‍ය ශිෂ්‍යයෝ පාරේ ඉන්නවා. ඒ අය නැවත දේශනවලට කැඳවන්න ක්‍රමයක් ඒ වාර්තාවේ සඳහන් කර නැතැයි වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ලබා දී ඇති නිර්දේශ

සෞඛ්‍ය ඇමැතිවරයා පිළිගෙන එම ප්‍රමිතිය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා නම් මේ සයිටම් අර්බුදය මේ තරම් දුර යන්නේ නැතැයි ද හෙතෙම පැවැසීය. ප්‍රමිතිය ගැන අවතක්සේරු කිරීමෙන් රටේ ප්‍රමිතියත් බිඳ වැටෙනවා. ප්‍රමිතිය බිඳවට්ටවලා සොරකම් කරනවා. ධීවර අමාත්‍යාංශයේ දී කළ දේ තවත් වටයකින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කරන්නයි මේ උත්සාහ කරන්නේ යැයි සඳහන් කළ වෛද්‍යවරයා, හර්ෂ ද සිල්වා ඇමැතිවරයාගේ වාර්තාවේ ඇතැම් ඡේදවල සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධී යැයි ද කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ
ජනාධිපතිවරයා එම කමිටුවේ සාමාජිකයකු ලෙස නීතිපතිවරයා නම් කර තිබියදී නීතිපතිවරයා වෙනත් අයකු කමිටුව නියෝජනය කරවීමෙන් ජනාධිපති අභියෝගයට ලක් කර තිබෙනවා. ඒක නීති විරෝධීයි. ජාත්‍යන්තරය විසින් ප්‍රතික්‍ෂේප කරපු ආයතනයක් ආරක්‍ෂා කරන්න මේ කමිටුවේ වාර්තාව මඟින් කටයුතු කර තිබෙනවා. කමිටුවේ වගකීම හරිහැටි ඉටු නොකර එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වියදම් කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජේ.ටී. ද සිල්වා