සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකින් දැක්වෙයි.
 එය අද දින සිට බලපැවැත්වෙන බවද එහි දැක්වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල

අනුව මෙම ඉවත් කිරීම සිදු කර ඇත.

තමාට  තවදුරටත්  ආණ්ඩුවේ  රැදීසිටීමට  අවශ්‍ය  නොවු  බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව මුල සිටම තමාට ප්‍රශ්න තිබු බවත් ඔහු ප්‍රතිචාර වශයෙන් දක්වා ඇත.
තමා  නියෝජ්‍ය  ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා  අතර  තවදුරටත්  ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු  ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව හිටපු  සංචාරක හා ක්‍රිස්තියානි  ආගමික කටයුතු  නියෝජ්‍ය  ඇමැති  අරුන්දික ප්‍රනාන්දු  මහතා මේ ගැන පවසා ඇත.
කෙසේ වෙතත් තමා ඇමැතිධුරයෙන්  ඉවත් කළ හෙයින් ආණ්ඩුවෙන්  ඉවත්ව යන ඇමැතිවරුන් පසුබසීවී යැයි කවුරුන් හෝ  හිතන්නේ නම්  එය වැරදීමක් යැයි ද අරුන්දික ප්‍රනාන්දු මහතා දන්වා ඇත.