කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ තාක්ෂණික විද්‍යාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වූ
රංජිත් සියඹලාපිටිය
ඇමතිවරයා මෙසේ කියා තිබේ.
"මේ දවස්වල ක්‍රියාත්මක වන අපේ ව්‍යාපෘතියක් තමයි සුර්යබල සංග්‍රාමය. මගේ උත්සාහය තමයි ගෙවල් ලක්ෂ 10ක වහලවල් සුර්යබලාගාර බවට පත් කිරීම. මේ සඳහා හැමෝම උනන්දු කරන්න විවිධ උපක්‍රම යොදා ගත්තා. පන්සල් සියල්ලටම සුර්යබල පද්ධති ලබා දුන්නා. මම ගියවර අයවැය ලේඛණයෙන් කැබිනට් මණ්ඩලයෙදි අනුමැතිය ලබා ගත්තා රාජ්‍ය ආයතන සියල්ලගේම වහලත් සුර්යබලාගාර බවට පත් කරන්න. තව මාස 2කින් ශාන්ත බාලිකාවෙත් වහල සුර්යබලාගාරයක් බවට පත් කරනවා”