වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු මේ මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට
බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාව මත රයන් ජයලත් මහතාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ අතර, මෙම වරෙන්තුවට අනුව පසුගියදා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් කාර්යාලය අසලදී හෙතෙම අත්අඩංගුවට ගැනීමටද පොලීසිය උත්සාහ කළේය.
එම අවස්ථාවේ සුදු වෑන් එකකින් ඔහු පැහැර ගන්නට තැත්දැරූ බව කී වෛද්‍ය වෘත්තිකයින් පසුව දිවයින පුරා රයන් වෙනුවෙන් වර්ජනයක්ද දියත් කර තිබුණි.

ඔහු අධිකරණයේ දිගිටම පෙනී නොසිටි අතර වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු 05 ක් අත්අඩංගුවට ගන්නැයි පසුගිය 10 වන දා වරෙන්තු නිකුත් කරනු ලැබුණි.
ඒ අනුව ඔහු අද භාර විය.