රවි අද ඉල්ලා අස්‌වෙයි ?
විදේශ ඇමති ධූරයට තිලක් මාරපන

බැඳුම්කර චෝදනා ලැබී අපකීර්තියට පත්වූ විදේශ ඇමති රවී කරුනානායක මහතා අද ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
බැඳුම්කර වංචාවට සම්බන්ධ ඇලෝසියස්ගෙන් අල්ලස් ආකාරයට ගෙවල් ලබාගැනීම ගැන චෝදනා එල්ලවී මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වීමෙන් පසු රවි කරුණානායක මහතා ඊයේ පැවති කැබිනට්‌ රැස්‌වීමටද සහභාගි වී නැත.
පසුව ජනාධිපතිවරයා විසින් රවි කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා
ඇති අතර එහිදී අගමැතිවරයා ද ඇමති රාජිතද සාකච්ඡාවකට එක්‌වී තිබේ.රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එසේ නොවුණහොත් එය වත්මන් යහපාලන ආණ්‌ඩුවට කැළලක්‌ බව එහිදී සාකච්ඡාවී තිබේ.
මින් ඉහත ඇවන්ගාඩ් සබඳතා නිසා අපකීර්තියට ලක්වූ අවස්ථාවේ තිලක් මාරපන ඇමතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවූ ආකාරයට රවීට ඉල්ලා අස්වන්නට යෝජනා කෙරී ඇත.
 ගැටලුව සඳහා ගත යුතු

හොඳම විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මෙම සාකච්ඡාවේදී රවි කරුණානායක මහතා චෝදනා වලින් නිදහස් වන්නේ නම් පමණක් යළි ඇමති තනතුරක් ලබාගන්නා බවට දැනුම් දී ඇති අතර ඔහුගේ ඉල්ලා අස්‌වීම අද (10 දා) දහවල් බොහෝ විට ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි ද වාර්තා විය.
විදේශ අමාත්‍ය ධූර පුරප්පාඩුවට තිලක් මාරපන මහතා පත්කරන්නටද ඊයේ යෝජනා වී තිබේ.
ඊයේ කැබිනට් රැස්වීමේදීත් රවී කරුණානායක ඇමති ගැන සාකච්ඡාවී ඇති අතර ඇමති පාඨලී බැඳුම්කර කොමිසමේ ක්‍රියා කලාපය අගය කරමින් කතාවක් සිදු කර ඇත. කොමිසම මගින් යහපාලනේ අය වැරදිකරුවන් කිරීමට සමානව පැවතිරජයේ අය වැරදි කරුවන් නොකිරීම ගැන හරින් ප්‍රනාන්දු ඇමතිවරයා දැක්වූ අදහස අනුව ඉදිරියේ කටයුතු කරන බවද ජනපති දන්වා ඇත.
 විදේශ ඇමැති රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 වැනිදා) ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන්ටද දැනුම් දී තිබුනි.