‘තමුසේ මොනවද හලෝ
සෞඛ්‍ය ඇමතිකම ගැන කියන්නෙ..‘

විජේදාසට රාජිතගෙන් ප්‍රතිපිළිතුරු

ඇමති විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය අතරතුර පසුගියදා රාජිත ඇමතිවරයා තමන්ට එරෙහිවීම නිසා කෝපයටපත්ව සිටි විජයදාස ඇමතිවරයා රටපුරා ඩෙංගු පැතිරෙද්දීත් කිසිවක් කරන්නට අසමත්වූ සෞඛ්‍ය ඇමතිවරයා නොදන්නා නීතියක් ගැන කථාකර ඇති බව කියමින් විවේචනයක් සිදු කර තිබුණි.
ඊයේ එයට පිළිතුරුදෙමින් ඇමති රාජිත සැර කථාවක් කළේ
අගමැතිවරයාද සිටි සභාවකය.
එය පහත පරිදිය.

‘අද සමහරු ඉන්නවා මේ ආන්ඩුවේ ඉඳගෙන ඩීල් දාලා එහා පැත්තත් එක්ක. ඒ හින්දා තමා අපේ අධිකරණ ඇමතියටත් පස්ස රත්වෙලා තියෙන්නේ. අවුරුදු දෙකහමාරක් මේවා යටගැහුවේ මේ මිනිහා. වෙනකවුරුවකවත් නෙමේ මං ප්‍රසිද්ධියේ කියනවා. අගමැතිතුමනි මේ මිනිහා හින්දා තමයි මේ ආණ්ඩුව මේ තරම් අමාරු තත්වෙකට පත්වුනේ. එයා කියනවා විශේෂ අධිකරණ දාන්න එයාට ව්‍යාවස්තාව වෙනස් කරන්න ඕනලු. අපි කිව්වෙ නෑ කාටවත් විශේෂ අධිකරණ දාන්න කියලා. තියන හයිකෝට් එක හරවන්න පුළුවන් මේ නඩු දාන්න වෙනමම.මෙයා හැදුවා ඇවන්ගාඩ් එකේ පරපුර මම අගමැති තුමාට කියනවා. එතුමා හොඳ නීතීඥයෙක්.
හැම හොරාම අන්තිමට එල්ලෙන පරඩැල තමයි ආගමයි ජාතියයි. අද කථාකරලා කියනවා අපි ගෝත්‍රිකයො තමයි 2015දී මෙයා මොකද කියන්නේ. මාධ්‍යෙව්දියෙක් මේ සිංහල රටක් නේද ඇහුවාම කොහොමද එහෙම කියන්නේ ඇහුවා. එයා කතා කරනවා මගේ සෞඛ්‍ය ඇමතිකම ගැන.
තමුසේ මොනවද හලෝ මම කරල තියන ඒවයින් දාහෙන් එකක් කරල තියනවද.එදාට මම පෙන්වන්නම් සෞඛ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා. ජනාධිපතිතුමාටත් ඊයේ රෑ කිව්වා යන එකාට යන්නය කියලා. 2020 ත් දිනලා 2025 වෙනකම් අපි මේ ආන්ඩුව ගෙනියන්න ඕන.ජනතා ශක්තිය අපට ලබාදීල තියනවා.‘