මත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන්
ඉන්දියානු ආයෝජකයා සහ රජය අතර පවත්වන එම සාකච්ඡා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා දන්වා තිබේ.
මත්තල මාසයක ආදායම ලක්‌ෂ 40 ක් වෙද්දී වියදම ලක්‌ෂ 250 බවත් දවසකට එන්නේ ගුවන් යානා 3 ක් බවත් මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක්‌ වැයවෙන බවත් පෙන්වාදී ඇති ඇමතිවරයා
මහින්ද රජය ලබාගත් ණය මුදල් අනුව අවුරුද්දකට රුපියල් කෝටි 360 ගාණේ අවුරුදු අටක්‌ රජය ණය ගෙවිය යුතුයි යෑයිද පෙන්වාදී ඇත.
මත්තල ගුවන් තොටුපළ හදන්න රුපියල් කෝටි 4000 ක්‌ පමණ රාජපක්‍ෂ ආණ්‌ඩුව වැයකර ඇතැයිද මේ ආකාරයට බදු දීම මගින් ඒ සම්බන්ධ රජයට පැටවී තිබෙන අනවශ්‍ය බර ඉවත් වනු ඇතැයිද දන්වා තිබේ.